Skip to content
V
ලොව උසම පල්ලිය බවට ස්පාඤ්ඤයේ 'සග්‍රඩා ෆැමිලියා' දේවස්ථානය පත්වෙයි
featured news - උණුසුම් පුවත්

ලොව උසම පල්ලිය බවට ස්පාඤ්ඤයේ 'සග්‍රඩා ෆැමිලියා' දේවස්ථානය පත්වෙයි

By News Room · 31 October 2025

ලොව උසම පල්ලිය බවට ස්පාඤ්ඤයේ සග්‍රඩා ෆැමිලියා (Sagrada Família) දේවස්ථානය පත්ව ඇත. බාසිලෝනා නගරයේ ඉදිවෙමින් පවතින මෙහි මධ්‍යම ගොඩනැගිල්ල මුදුනේ කුරුසියේ පළමු කොටස තැබීමත් සමග එය ලොව උසම පල්ලිය බවට පත් තිබේ.

ඒ අනුව මෙම දේවස්ථානයේ වත්මන් උස මීටර් 162.91ක් වේ. මේ සමග වසර 135ක (1890 සිට) සිට ලොව උසම පල්ලිය බවට පත්ව තිබූ ජර්මනියේ උල්ම් මිනිස්ටර් (Ulm Minster) පල්ලියේ වාර්තාව නිල වශයෙන් අභිබවා ගොස් ඇත.

සග්‍රඩා ෆැමිලියා පල්ලිය ලොව විශාලතම නිම නොකළ කතෝලික පල්ලිය ද වන අතර, එය වසර 143කට (1882 සිට) වැඩි කාලයක් තිස්සේ ඉදිවෙමින් පවතී. එහි ප්‍රධාන ගොඩනැගිල්ල ලබන වසරේ දී නිම කිරීමට නියමිතය.

ඒ අනුව ඉදිරි මාස කිහිපය තුළ ඉතිරි කුරුස කොටස් එකතු කිරීමත් සමග සග්‍රඩා ෆැමිලියා පල්ලියේ සමස්ත උස මීටර් 172ක් දක්වා ඉහළ යනු ඇතැයි සඳහන්.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026