Skip to content
V
ලිබියානු යුද හමුදාපති ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට
featured news - උණුසුම් පුවත්

ලිබියානු යුද හමුදාපති ගුවන් අනතුරකින් ජීවිතක්ෂයට

By News Room · 24 December 2025

ලිබියානු යුද හමුදාපති මොහොමඩ් අලි අහ්මඩ් අල් හඩාඩ්, තුර්කියේ අන්කාර නුවර ආසන්නයේ සිදුවූ ගුවන් අනතුරකින් මියගොස් තිබේ. හමුදාපතිවරයා, හමුදාවේ උසස් නිල දරන ප්‍රධානීන් සිවු දෙනෙක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් තිදෙනෙක් රැගත් පෞද්ගලික ජෙට් යානය අනතුරට ලක්වන අවස්ථාවේදී අන්කාරා සිට ලිබියාවේ ට්‍රිපොලි බලා පියාසර කරමින් පැවතියේය. අනතුරින් යානයේ සිටි සියලුමදෙනා මියගොස් තිබේ.

අනතුරට පෙර යානයේ නියමුවන් යම් තාක්ෂණික දෝෂයක් සම්බන්ධව ගුවන් පාලක මධ්‍යස්ථානයට දන්වා, එහි ඉන්ධන හෙලමින් යානය ගොඩබැස්වීමට උත්සහ දරා තිබුණි. කෙසේ නමුත් යානය ඊට පෙර අනතුරට ලක්ව ඇති බව වාර්තා වේ. සිදුවීම සම්බන්ධව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකය.

හමුදාපතිවරයා තුර්කිය වෙත පැමිණ ඇත්තේ, දෙරට අතර ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සම්බන්ධව වන ඉහළ මට්ටමේ සාකච්ඡා සඳහාය. අල් හඩාඩ්ගේ අභාවය සම්බන්ධව තෙදින ශෝක කාලයක් නම් කළ ලිබියානු රජය ඔහුගේ අභාවය රටට සිදුවූ විශාල පාඩුවක් ලෙස නම් කර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026