Skip to content
V
ලිබියානු මහ බැංකු අධිපති රටින් පැනී
featured news - උණුසුම් පුවත්

ලිබියානු මහ බැංකු අධිපති රටින් පැනී

By News Room · 30 August 2024

තර්ජන හේතුවෙන්, ජීවිතාරක්ෂාව පතා තමාට සහ තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසකට රටින් පලා යාමට සිදුව ඇතැයි, ලිබියානු මහ බැංකු අධිපති සදීක් අල්-කබීර් (Sadiq al-Kabir) ප්‍රකාශ කරයි.සන්නද්ධ පුගලයින් විසින් බැංකු කාර්ය මණ්ඩල වෙත මරණ තර්ජන එල්ල කරමින් ඔවුන් බිය වද්දමින් ඇතැයි දුරකථනය ඔස්සේ ඔහු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ. බලහත්කාරයෙන් රාජකාරියට වාර්තා කිරීමට බල කරමින්, බැංකුකරුවන්ගේ දරුවන් සහ ඥාතීන් පැහැර ගනිමින් ඇතැයි ද ඔහු පවසයි.

එරට අන්තර්වාර අගමැති අබ්දුල්හමීඩ් අල්-බෙබා (Abdulhamid al-Dbeibah) විසින් මහ බැංකුව වෙත නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ. තමා එම ධුරයෙන් නෙරපා හැරීමට ගත් තීරණය නීති විරෝධී බව සදීක් අල්-කබීර් ප්‍රකාශ කරයි. එය, එක්සත් ජාතීන් (UN) සමග ලිබියාව එළැඹ ඇති මූල්‍ය සම්මුතියට පටහැනි බව ද ඔහු පවසයි.

සියලු ඒකපාර්ශ්වීය තීරණ ගැනීම්, තෙල් ආකාර කෙරෙහි පවත්නා බලහත්කාරකම්, සහ බලය අව භාවිතා කිරීම් වහා නතර කරන ලෙසත්, සියලු මිල ඉහළයාම් පාලනය කරන ලෙස, සහ බැංකු කාර්යමණ්ඩල ආරක්ෂාව වහා තහවුරු කරන ලෙසත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් එරට රජයට දැඩි අවවාද නිකුත් කර තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026