Skip to content
V
ලෝඩ්ස් පිටියේ සීනුව නාද කිරීමට මහේල ජයවර්ධනට අවස්ථාව
featured news - උණුසුම් පුවත්

ලෝඩ්ස් පිටියේ සීනුව නාද කිරීමට මහේල ජයවර්ධනට අවස්ථාව

By News Room · 29 August 2024

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනට ලෝඩ්ස් පිටියේ සීනුව නාද කිරීමේ අවස්ථාව අද දිනයේ හිමිවුණා.

ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර පැවැත්වෙන දෙවන ටේස්ට් තරගය ආරම්භයේදී එම අවස්ථාව මහේල ජයවර්ධනට හිමිවූ අතර එම අවස්ථාවට අමුත්තෝ රැසක් එක්ව සිටියා.

ලෝඩ්ස් පිටියේ දී එසේ සීනුව නාද කිරීමේ ඵෛතිහාසික අවස්ථාව හිමිකර ගත් 8 වැනි ශ්‍රී ලාංකිකයා ලෙසයි ඔහු ඉතිහාසගත වන්නේ.

මීට පෙර , මාවන් අතපත්තු, චමින්ද වාස්, සිදත් වෙත්තමුණි, අර්ජුන රණතුංග හා කුෂි ගුණසේකර, කුමාර් සංගක්කාර එම අවස්ථාව හිමිකරගනු ලැබුවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026