Skip to content
V
ලිට්‍රෝ සමාගමට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීම ඕමාන් සමාගමකින්
featured news - උණුසුම් පුවත්

ලිට්‍රෝ සමාගමට ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීම ඕමාන් සමාගමකින්

By News Room · 29 October 2024

2025 වසර සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඒ අනුව ලිට්‍රෝ ගෑස් ලංකා ලිමිටඩ් වෙත 2025 වර්ෂය සඳහා ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සපයා ගැනීම පිණිස ජාත්‍යන්තර තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය අනුගමනය කරමින් තනි අදියර ද්විත්ව කවර ක්‍රමය යටතේ ලංසු කැඳවා තිබුණි. 

ඒ සඳහා M/s OQ Trading Limited සහ M/s Siam Gas Trading Pte Ltd. යන ආයතන දෙක පමණක් ලංසු ඉදිරිපත් කර තිබේ. 

තාක්ෂණ ඇගයීමේදී M/s Siam Gas Trading Pte Ltd. විසින් ඉදිරිපත් කරන ලද ලංසුව ප්‍රතික්ෂේප වී ඇත. 

ඒ අනුව, තාක්ෂණික ඇගයීම් කමිටුවේ සහ අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත සාරානුකූල ප්‍රතිචාරාත්මක ලංසුකරු වශයෙන් M/s OQ Trading Limited වෙත 2025 වර්ෂය සඳහා වන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සැපයීමේ කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම පිණිස මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කළ බව අමාත්‍ය හේරත් පැවසීය.

OQ Trading සමාගම ඕමාන රජය සතු සමාගමකි. එහි මූලස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටා තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026