Skip to content
V
ලංගම ප්‍රවාහන සේවයට කාන්තා රියදුරන් සහ කොන්දොස්තරවරියන්
featured news - උණුසුම් පුවත්

ලංගම ප්‍රවාහන සේවයට කාන්තා රියදුරන් සහ කොන්දොස්තරවරියන්

By News Room · 16 September 2025

ලංගම ප්‍රවාහන සේවයට ඉදිරියේ දී කාන්තා රියදුරන් සහ කොන්දොස්තරවරියන් බඳවා ගන්නා බව ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, අද (16) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ වැඩසටහනකට එක් වෙමින්. මරියානා ආගාධයටත් වඩා ලංගමය මේ වන විට පහළට වැටී ඇති බවත් මේ රටේ ලංගම විනාශ කළෙත් දේශපාලඥයින් බවත් අමාත්‍යවරයා සඳහන් කළා.

ලංකාවේ ලංගම ඩිපෝ අඩුපාඩුවලින් අඩුවක් නොමැති  මිහිපිට අපායක්  යැයිද කී අමාත්‍යවරයා මේ වන විට බස් ඩිපෝ 25ක් නවීකරණය කිරීමට කටයුතු කර ඇති බව පැවසුවා. 

වර්ථමානය වන විට ලංගම සේවක හිඟයට පිළියම් වශයෙන් රියදුරන් හා කොන්දොස්තරවරු 750 ක් අලුතින් බඳවා ගැනීමට කටයුතු කරන අතර ලංගම නැවත ගොඩදමා ලාභ ලබන ආයතනයක් බවට පත්කරන බවද ඇමතිවරයා පවසා සිටියා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026