Skip to content
V
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකාව ඉවත් වෙයි
featured news - උණුසුම් පුවත්

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකාව ඉවත් වෙයි

By News Room · 21 January 2025

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අමෙරිකා එක්සත් ජනපදය ඉවත් කර ගැනීම සඳහා වූ විධායක නියෝගයට ජනාධිපති ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වන බවට ඔහුගේ පූර්ව මැතිවරණ පොරොන්දුව ඉටු කරමින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

එක්සත් ජනපදය WHO හි ඉහළම පරිත්‍යාගශීලියා ලෙස සැලකෙන අතර, අමෙරිකාව වසරකට ඩොලර් මිලියන 130ක් පමණ ලෝක සෞඛ්‍ය සංවිධානයට ලබා දෙන බවයි විදෙස් මාධ්‍ය පෙන්වන්නේ.

එමෙන්ම HIV, ක්ෂය රෝගය සහ ළමා එන්නත් සඳහා විසඳුම් සෙවීමටද අමෙරිකාව මැදිහත් වී කටයුතු කළා. ට්‍රම්ප් සිය පළමු ධූර කාලය තුළ WHO වෙතින් ඉවත් වීමේ ක්‍රියාවලිය ආරම්භ කළේ, WHO සංවිධානය කෝවිඞ් වසංගතය සහ අනෙකුත් ජාත්‍යන්තර සෞඛ්‍ය අර්බුද වැරදි ලෙස හසුරවා ඇති බව ප්‍රකාශ කරමින්.

කෙසේ වෙතත්, එවකට ජනාධිපති බයිඩන් සිය ධුරයේ පළමු දිනයේම එම තීරණය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. "COVlD-19 වසංගතය වැරදි ලෙස හැසිරවීම, අනෙකුත් ගෝලීය සෞඛ්‍ය අර්බුද, හදිසි අවශ්‍ය ප්‍රතිසංස්කරණ අනුගමනය කිරීමට අපොහොසත් වීම සහ WHO සාමාජික රටවල නුසුදුසු දේශපාලන බලපෑමෙන් ස්වාධීනත්වය පෙන්වීමට නොහැකි වීම හේතුත් මෙම ඉවත්වීමට හේතු වශයෙන් පෙන්වා දී ඇති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026