Skip to content
V
ලංකා සතොස මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට
featured news - උණුසුම් පුවත්

ලංකා සතොස මගින් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට

By News Room · 22 January 2025

ලංකා සතොස ආයතනය මගින් මහජනතාවට ලබාදෙන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ වර්ග කිහිපයක මිල ගණන් පහළ දමා තිබේ. ඒ අනුව දිවයින පුරා ඈති සියලුම ලංකා සතොස අලෙවිසැල මගින් එම භාණ්ඩ පාරිභෝගිකයින්ට අද (22) සිට ලබා ගත හැකි බව නිවේනදය කරයි.

වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ශිතනා අමාත්‍යයංගයේ උපදෙස් පරිදි, මෙම මිල ගණනන් අඩුකර ඇත. ඒ අනුව"

  • රට කජු කිලෝවක් රුපියල් 100කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 995කි.
  • දුඹුරු සිනි කිලෝවක් රුපියල් 40කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 300කි.
  • ආනයනික අර්තාපල් කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 180කි.
  • රතු කව්පි කිලෝවක් රුපියල් 30කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 765කි.
  • හාල් මැස්සො කිලෝවක් රුපියල් 20කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 940කි.
  • වියලි මිරිස් කිලෝවක් රුපියල් 15කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 830කි.
  • බාස්මතී සහල් කිලෝවක් රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 645කි.
  • ආනයනික ලොකු ලුණු කිලෝවක් රුපියල් 10කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 230කි.
  • පරිප්පු කිලෝවක් රුපියල් 2කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 288කි.
  • සුදු සීනි කිලෝවක් රුපියල් 2කින් පහළ දමා ඇති අතර එහි නව මිල ලෙස සටහන් වන්නේ රුපියල් 240කි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026