Skip to content
V
ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින්ටත් අනතුරු ඇඟවීම්
featured news - උණුසුම් පුවත්

ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින්ටත් අනතුරු ඇඟවීම්

By News Room · 23 October 2024

ශ්‍රී ලංකාවේ සිටින ඊශ්‍රායල ජාතිකයින් ට ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය අද (23) විශේෂ දැනුම්දීමක් කර තිබේ.

රොයිටර්ස් පුවත් සේවය සඳහන් කරන්නේ ත්‍රස්ත ප්‍රහාරක් සිදුවිය හැකි බැවින් ශ්‍රී ලංකාව සමහර සංචාරක ප්‍රදේශවලින් වහාම ඉවත්වන ලෙස  ඊශ්‍රායලයේ ජාතික ආරක්ෂක කවුන්සිලය දැනුම්දී ඇති බවයි.

එම ඒජන්සිය පවසන්නේ එම අනතුරු ඇඟවීම ආරුගම්බේ සහ ශ්‍රී ලංකාවේ දකුණු සහ බටහිර කලාපවල පිහිටි වෙරළාසන්න ප්‍රදේශවලට අදාළ බවය.එහි දැක්වෙන්නේ, "නවතම තොරතුරු අනුව ත්‍රස්ත අනතුර යොමුවී ඇත්තේ සංචාරක ප්‍රදේශ සහ වෙරළබඩ කලාප" සඳහා ය.

අදාළ අවදානමෙහි ස්වභාවය සම්බන්ධයෙන් ඊශ්‍රායල ජාතික ආරක්ෂක කවුන්සිලය විශේෂයෙන් සඳහන් කර නොමැත. නමුත් ඔවුන් ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල සිටින ඊශ්‍රායල ජාතිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ සුපරික්ෂාකාරී වන ලෙසත් විශාල වශයෙන් සාමුහික එක්රැස් නොවන ලෙසත් ය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026