Skip to content
V
ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අනුශූරතාවය දිනාගත් ඉෂාදි අමන්දා දිවයිනට
featured news - උණුසුම් පුවත්

ලෝක විවාහක රූ රැජින තරගාවලියේ අනුශූරතාවය දිනාගත් ඉෂාදි අමන්දා දිවයිනට

By News Room · 4 February 2025

ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවර පැවති 40 වැනි ලෝක විවාහක රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  සහභාගී වී එහි අනුශූරතාවය දිනාගත් ඉෂාදි අමන්දා අද (04) දිවයිනට පැමිණියාය. පසුගිය 30 වැනිදා ලෝකයේ රටවල් 40ක විවාහක රෑ රැජිනියන්ගේ සහභාගීත්වයෙන් මෙම තරගය පවත්වා තිබුණු අතර ඉන් ඇය අනුශූරතාවය දිනා ගැනීමට සමත් වුවාය.

ඇය අද අලුයම 01.55ට දෝහා කටාර් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි අතර ඇය එහිදී උදෑසන 09ට පමණ පැවැත්වූ සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය විසින් සංවිධානය කළ පිළිගැනීමේ උත්සවයකට ද සහභාගී වූවාය.

ඇය සමග තරගාවලිය පිළිබඳ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ සහ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු රුක්මාල් සේනානායක යන මහත්වරු ද , ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ සුභාෂිණි පෙරේරා, එහි සහකාර අධ්‍යක්ෂ සුරේෂණී පිළපිටිය ඇතුළු මෙම ක්ෂේත්‍රයේ විශාල පිරිසක්  ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026