Skip to content
V
ලංකාවේ විවෘත වූ දකුණු ආසියාවේ විශාලම හෝටලය ‘Cinnamon Life’
featured news - උණුසුම් පුවත්

ලංකාවේ විවෘත වූ දකුණු ආසියාවේ විශාලම හෝටලය ‘Cinnamon Life’

By News Room · 15 October 2024

අමෙරිකානු ඩොලර් බිලියන 1.3ක මුදලක් ආයෝජනය කරමින් කොළඹ ඉදිකළ ''සිනමන් ලයිෆ්'' අති සුඛෝපභෝගී හෝටල් සංකීර්ණය අද (15) විවෘත කෙරුණි. අද ON TOPIC තුළින් තොරතුරු ගෙන එන්නේ, දකුණු ආසියාවේ විශාලම හෝටලය වන සිනමන් ලයිෆ් පිළිබඳව ය.

කාමර 687කින් සමන්විත Cinnamon Life හි බෝල් රූම්, උත්සව ශාලා හා සම්මන්ත්‍රණ පහසුකම් තුළින් අමුත්තන් 5,000කට අධික ප්‍රමාණයකට පහසුවෙන් සේවාවන් සලසා ගැනීමේ හැකියාව සලසා දී තිබීමද විශේෂත්වයකි. 

නවීන පහසුකම් සමඟින් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ හා මහා පරිමාණ උත්සව සංවිධානය කිරීමේ අවස්ථාව උදාකර දෙන Cinnamon Life ගෝලීය රැස්වීම්, දිරිගැන්වීම්, සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන (MICE) සංචාරයන් සඳහා ප්‍රමුඛ ගමනාන්තයක් බවට පත් වනු නිසැකය.

Cinnamon Life වෙත සපැමිණෙන සියලු අමුත්තන් හට ප්‍රණීත ආහාර පානයන්ගෙන් සංග්‍රහ කිරීම වෙනුවෙන් සූපවේදීන් 250ක් සමඟින් 1,500කට අධික වෘත්තිකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් කැපවී කටයුතු කරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026