Skip to content
V
ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නවතී
featured news - උණුසුම් පුවත්

ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නවතී

By News Room · 4 November 2024

ලංකා විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය කිරීම නවතා එහි අත්‍යවශ්‍ය ප්‍රතිංස්කරණය ඉදිරියට සිදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත්තේ පසුගිය මස 23 වන දින සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් පවත්වන සාකච්ඡාවේදී මෙම තීරණය ගත් බවය.

ඒ අනුව සේවාවේ ගුණාත්මකභාවය වැඩි කිරීම, පාරිභෝගික තෘප්තිමත්භාවට ඉහළ අගයක පවත්වාගෙන යෑම, ආයතනයට සාධාරණ ලාභයක් ලැබීම, ඉන් සමාජ ආර්ථිකවට ඉහළ ප්‍රතිලාභයක් ලැබීමට සහ සේවකයින්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමත් යන කාලීන ඇගයීම් සිදුකරමින් ආයතනික ප්‍රතිසංස්කරණ කිරීමට කෙරෙහි අවධානය යොමුව තිබේ.

එමෙන්ම විදුලිබල පනත සංශෝධනය කිරීමට සහ රජයට අයත් බලාගාර, සම්ප්‍රේෂණ හා බෙදාහැරීම් ජාලය පෞද්ගලීකරණය නොකර පූර්ණ ලෙස රජයට අයත් ස්වාධීන පද්ධති ක්‍රියාකාරිත්වයක් මත ක්‍රියාත්මක කරවීමටත් මෙහිදී තීරණය වී තිබේ.

එහිදී තනි ගැනුම්කරු මාදිලියක් තුළ තුළ ජනන, සම්ප්‍රේෂණ, බෙදාහැරීම් අංශ මූල්‍ය හා කාර්ය පරිපාලන වශයෙන් ස්වාධීන යාන්ත්‍රණයක් පුළුල් මහජන හා පාර්ශවකරුවන්ගේ උපදේශනයක් තුළ ස්ථාපිත කිරීමටත් යෝජනා වී තිබේ. එමෙන්ම ඉදිරි වසර පහ තුළ කළාපයේ අඩුම විදුලි පිරිවැය සහිත රට බවට ශ්‍රී ලංකාව පත් කිරීමටත් මෙහිදී සාකච්ඡා වී තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026