Skip to content
V
ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරී අත්අඩංගුවට

By News Room · 19 June 2026

ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරී රත්නායක මුදියන්සේලාගේ ගුණරත්න මහතා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.  ඒ, නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ප්‍රති ඇණවුමක් හරහා හම්බන්තොට ලුණු සමාගම වෙත ලක් ලුණු ඇසුරුම් ලබාගෙන රජයට රුපියල් එක්කෝටි හතළිස් තුන් ලක්ෂයකට ආසන්න මුදලක් පාඩු සිදුකිරීමෙන් සහ සැපයුම්කාර සමාගමට අයුතු වාසියක් සැලසීමේ චෝදනාව මතය. රත්නායක මුදියන්සේලාගේ ගුණරත්න මහතා අද (19) පෙරවරුවේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේදී අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026