Skip to content
V
ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලබයි
featured news - උණුසුම් පුවත්

ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට ඕස්ට්‍රේලියාව සුදුසුකම් ලබයි

By News Room · 5 January 2025

ඉන්දියාව පරදා තරග 5 කින් යුත් බෝඩර් - ගවස්කාර් කුසලාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3-1 ක් ලෙස ජය ගනිමින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (05) සමත් වුණා.

ඒ, සිඩ්නි හීදී පැවැති ඉන්දු-ඔස්ට්‍රේලියා අවසන් ටෙස්ට් තරගයෙන් කඩුලු 6 ක ජයක් වාර්තා කිරීමත් සමඟයි. ඒ අනුව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට සුදුසුකම් ලබාගැනීම පිළිබ​ඳ බලාපොරොත්තු අත්හැරීමට ඉන්දියාවට හා ශ්‍රී ලංකාවට සිදු වුණා. ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව අතර පැවැත්වෙන ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ජූනි 11 වැනිදා ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026