Skip to content
V
ලාංකික ඉංජිනේරුවරු නිර්මාණය කළ තුන්වන නැනෝ චන්ද්‍රිකාව හෙට කක්ෂගත වෙයි
featured news - උණුසුම් පුවත්

ලාංකික ඉංජිනේරුවරු නිර්මාණය කළ තුන්වන නැනෝ චන්ද්‍රිකාව හෙට කක්ෂගත වෙයි

By News Room · 18 September 2025

ශ්‍රී ලාංකික ඉංජිනේරුවරුන්ගේ තාක්ෂණික දායකත්වයෙන් නිර්මාණය වූ තුන්වන නැනෝ චන්ද්‍රිකාව හෙට (19) කක්ෂගතවීමට නියමිතයි.

BIRDS-X DRAGONFLY නමින් නම්කර ඇති මෙම නැනෝ චන්ද්‍රිකාව පසුගිය අගෝස්තු 24 වනදා නාසා ආයතනය විසින් දියත් කළ SPX33 රොකට් මෙහෙයුම මගින් ජාත්‍යන්තර අභ්‍යවකාශ ආයතනය වෙත රැගෙනයන ලද අතර එය හෙට ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.15ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට එහි කක්ෂය වෙත මුදා හරිනු ලැබීමට නියමිතයි.

2019 වසරේදී ශ්‍රී ලංකාවේ පළමු නැනෝ චන්ද්‍රිකාව ලෙස රාවණ-1 චන්ද්‍රිකාවත් පසු 2022 වසරේදී ජාත්‍යන්තර පාර්ශවයන් පහක සහභාගිත්වයෙන් යුතු තාක්ෂණික සහයෝගීතා ව්‍යාපෘතියක් තුළින් නිර්මාණය කරන ලද KITSUNE චන්ද්‍රිකාවත් අභ්‍යවකාශගත කිරීමෙන් අනතුරුව, මෙරට තුන්වන නැනෝ චන්ද්‍රිකාව ලෙස අභ්‍යවකාශ ගතවන BIRDS-X Dragonfly පර්යේෂණ නැනෝ චන්ද්‍රිකාව ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණ සංවර්ධන ගමන් මගෙහි තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරයි.

මෙහි එක් සුවිශේෂී කරුණක් වන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවෙන් කිසිදු ප්‍රාග්ධන පිරිවැයක් වැය නොවීමයි.

BIRDS-X DRAGONFLY පර්යේෂණ චන්ද්‍රිකාව මගින් මූලික වශයෙන් අභ්‍යවකාශ පර්යේෂණ මෙහෙයුම් තුනක් සිදු කිරීමට නියමිතයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026