Skip to content
V
ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා
featured news - උණුසුම් පුවත්

ලාංකිකයින්ට ජපානයේ රැකියා අවස්ථා

By News Room · 30 August 2024

ජපානයේ නව ක්ෂේත්‍ර රැසක රැකියා ශ්‍රි ලාංකිකයින්ට ලබා දීමට එකග වී තිබෙනවා.

ජපානයේ IM Japan ආයතනයේ සභාපති හිසයෝෂි කිමුරා හා අධ්‍යක්ෂක මසනෝබි කොමියා ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වැඩ බලන අධ්‍යක්ෂක ජෙෆ් ගුණවර්ධන සහ සාමාන්‍යාධිකාරී ඩී.ඩී.පී.සේනානායක පසුගියදා එම කාර්යාංශයේදී හමුවූණා.

එහිදී ලාංකිකයින්ට ජපානයේ රැකියා ලබාදීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තිබෙනවා.

එම අවස්ථාවේ IM Japan ආයතන මගින් ශ්‍රි ලාංකිකයින්ට එරට ඉදිකිරීම්, සාත්තු සේවා, නිශ්පාදන, මෝටර් රථ කාර්මික ශිල්පී හා ඇසුරුම් සේවා ක්ෂේත්‍රවල රැකියා අවස්ථා ලබාදීමට එකඟ වී තිබෙනවා.

එමෙන්ම කෘෂිකාර්මික, නවාතැන් සේවා, ගොඩනැගිලි පිරිසිදු කිරීම් ක්ෂේත්‍රවල වැඩි රැකියා ප්‍රමාණයක් ලාංකිකයන් වෙත ලබාදීමට එකඟතාවය පළකර තිබෙන බව පැවසෙනවා.

මම ක්ෂේත්‍රවල පුහුණුව ලැබූ තරුණයින්ගෙන් සමන්විත පුහුණු සංචිතයක් මෙරට පිහිටුවීමට දෙපාර්ශ්වය සාකච්ඡා කර ඇත්තේ ඒ අනූවයි.

IM Japan වැඩසටහන යටතේ දැනට ශ්‍රි ලාංකිකයින් 500ක් පමණ ජපානයේ තාක්ෂණික සේවාස්ථ පුහුණුව ලබනවා.

ඉදිරියේදී තවත් පුහුණු ලාභීන් 100ට ආසන්න ප්‍රමාණයක් ජපානයට යාමට සුදුසුකම් ලබා තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026