Skip to content
V
ලංකා ඉතිහාසයේ විශාලම අල්ලස ගත් 4කට දැඩි දඬුවම්
featured news - උණුසුම් පුවත්

ලංකා ඉතිහාසයේ විශාලම අල්ලස ගත් 4කට දැඩි දඬුවම්

By News Room · 6 November 2024

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට වරදකරුවන් බව තීරණය කළ කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා ඔවුන්ට වසර 35 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්  නියම කළේය.

මීට වසර 10කට පෙර අල්ලස් වශයෙන් ලබාගත් රුපියල් කෝටි 12 1/2 විත්තිකරුවන් සිව්දෙනාගෙන් වෙන් වෙන්ව අයකර ගැනීමට නියම කළ විනිසුරුවරයා පළමු විත්තිකරුට රුපියල් 27,000/-ක් සහ ඉතිරි විත්තිකරුවන් තිදෙනාට රුපියල් 25,000/- බැගින්ද දඩ ගෙවීමටද නියම කළේය.

රජකාරී බලතල අවභාවිතා කරමින් රජයේ නිළධාරීන් කෙරෙහි මහජනතාව තුළ ඇති විශ්වාසය බිඳී යන අයුරින් කටයුතු කළ හෘද සාක්ෂියක් නොමැති කෑදරකමටමුදල රැස්කළ මෙවැනි රජයේ නිළධාරීන්ට උපරිම දඬුවම් දෙන්නැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුවන්ට එලෙස දඬුවම් නියම කළේය.

චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වුයේ ශ්‍රී ලංකා රේගුවේ සහකාර රේගු අධිකාරී උපාලි ගුණරත්න පෙරේරා, රේගු අධිකාරී වසන්ත විමලවීර, රේගු අධිකාරී උපාලි සෙනරත් වික්‍රමසිංහ සහ රේගු අධිකාරී සුජීව පරාක්‍රම ජිනදාස නමැත්තන්ටය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026