Skip to content
V
ලසන්ත වික්‍රමසේකර ඝාතනයට අදාළව සැකකරුවන් 09 ක් අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

ලසන්ත වික්‍රමසේකර ඝාතනයට අදාළව සැකකරුවන් 09 ක් අත්අඩංගුවට

By News Room · 28 October 2025

වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව මේ වන විට වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 09 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසනවා.

එම පිරිස අතරින් වෙඩික්කරු, යතුරුපැදිකරු, වෙඩික්කරුගේ බිරිය, කැකිරාවේදී සැඟව සිටීමට ආධාර අනුබල දුන් අයෙක්, බොරැල්ල ‘සහස්පුර’ ප්‍රදේශයේ දී වෙඩික්කරුට සහාය දුන් පුද්ගලයන් දෙදෙනෙක් ඇතුළු සැකකරුවන් 06 දෙනෙක් මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවේ පසුවෙනවා.

මීට අමතරව, වෙඩික්කරුට ඝාතනයට පෙර සහ පසු ප්‍රවාහන පහසුකම් සැපයූ ගාල්ල, අගුළුගහ පදිංචි ත්‍රිරෝද රථ රියැදුරෙක්, ඝාතනයට යොදාගත් යතුරුපැදිය ධාවනයට සුදුසු ආකාරයට අලුත්වැඩියා කර දුන් වලාන ගරාජ් හිමිකරුවෙක් හා එම යතුරුපැදිය ඝාතකයන්ට ගෙනැවිත් දුන් පොල්අතුමෝදර තරුණයෙක් ද මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ අත්අඩංගුවේ පසුවන වෙඩික්කරු, යතුරුපැදිකරු ඇතුළු සැකකරුවන් 06 දෙනා පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී ඇති අතර, වෙඩික්කරුට ප්‍රවාහන පහසුකම් සහ ආධාර අනුබල දුන් මාතරදී හා ගාල්ලේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා පැය 48 ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අවසර ලබා දී තිබෙනවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026