Skip to content
V
ලබන වසරේ අප්‍රේල් දක්වා පවතින පොල් හිඟය
featured news - උණුසුම් පුවත්

ලබන වසරේ අප්‍රේල් දක්වා පවතින පොල් හිඟය

By News Room · 31 October 2024

රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීම ලබන වසරේ අප්‍රේල් දක්වා පවතිනු ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසයි.

එහි අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මෙරට පොල් නිෂ්පාදනයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බවය.

නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යාම පොල් නිෂ්පාදනය අඩුවීමට හේතු වී ඇති බව ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළාය.

"යම්කිසි අඩුවීමක් පළමු මුර තුනේදී දක්නට ලැබෙනවා. පොල් වගා කරන ප්‍රදේශවල ප්‍රධාන වශයෙන්ම අඩු වර්ෂාපතනයක් පැවතීම සහ වැඩි උෂ්ණත්වයක් පැවතීම යන කාරණා දෙක නිසා තමයි මේ අවුරුද්දේ පොල් අස්වැන්නට ප්‍රධාන වශයෙන් අඩු වීමක් තියෙනවා. ලබන වසරේ අප්‍රේල් දක්වා අපි බලාපොරොත්තු වෙනවාට වඩා අඩු අඅස්වැන්නක් තමා ලැබනේනේ."

රට තුළ පවතින පොල් හිඟය පාලනය කිරීම සඳහා අපනයන අරමුණු කරගනිමින් පොල් මද ආනයනය කිරීම සම්බන්ධයෙන් වූ යෝජනාවක් ද මේ වන විට ඉදිරිපත් කර ඇති බව පොල් පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළාය.

"පොල් සංවර්ධන අධිකාරිය මඟින් යෝජනා කරලා තියෙනවා, කොළඹ පොල් ඔක්ෂන් එක හරහා යම් ප්‍රමාණයක් අලෙවිය සිදුවන බව. පොල් වෙන්දේසියේ රු 100කට පවත්වාගෙන යන්න කියලා සංවර්ධන අධිකාරියට යෝජනා කරලා තියෙනවා.අපි යෝජනා කරලා තියෙනවා අපනයනය සඳහා අවශ්‍ය පොල් මද ගෙන්වීමට නමුත් ඒ සඳහා තවම අවසර ලැබිලා නෑ."

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026