Skip to content
V
ලන්ඩන් සංචාරය ගැන කළ චෝදනාවලට රනිල්ගෙන් පිළිතුරු
featured news - උණුසුම් පුවත්

ලන්ඩන් සංචාරය ගැන කළ චෝදනාවලට රනිල්ගෙන් පිළිතුරු

By News Room · 18 March 2025

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ රජයේ මුදල් වැය කරමින් වර්ෂ 2023 දී ලන්ඩනයේ සංචාරයක නිරත වූ බවට කෙරුණු ප්‍රකාශය සම්පූර්ණයෙන් අසත්‍ය බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ අනුව 2023 වර්ෂයේදී තුන්වරක් ලන්ඩනයේ සංචාරය කර තිබෙන බවත් පළමුව 2023 මැයි 09 වනදා, දෙවැනි චාල්ස් රජතුමාගේ අභිෂේක උත්සවයට සහභාගී වීම සඳහාත් දෙවැනි සංචාරය පැරිස් සමුළුවට සහභාගී වන අතරතුර ජාත්‍යන්තර ප්‍රජාතාන්ත්‍රිකයින්ගේ සංගමයේ (IDU) 40 වැනි සංවත්සර සැසි වාරය සඳහාත් තෙවන සංචාරය හවානා නුවර G77 සමුළුවට සහභාගී වී පසුව නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ජගත් සමුළුවටද එක්වීමෙන් අනතුරුව ලන්ඩන් නගරයට පැමිණි බවයි එම නිවේදනයේ සඳහන් වෙන්නේ.

තෙවනවරට ලන්ඩන් නගරය​ට ගොස් ඇත්තේ මෛත්‍රී වික්‍රමසිංහට මහා බ්‍රිතාන්‍යයේ Wolverhampton විශ්වවිද්‍යාලයෙන් මහාචාර්ය පදවිය ප්‍රදාන​ය කිරීමේ උත්සවයට සහභාගී වීම සඳහා බවත් හිටපු ජනාධිපතිවරයා නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ ජගත් සමුළුවට ස​හභාගි වූ දිනවලම එම විශ්වවිද්‍යාලයේ අදාළ උත්සවයට සහභාගීවීමට ලන්ඩන් නගරයට ගිය බවයි අදාළ නිවේදනයේ සඳහන් වෙන්නේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ නිලධාරීන් සඳහා ලන්ඩන් සංචාරයක​ට ප්‍රකාශිත ආකාරයේ අධික මුදලක් වැයවූයේ යයි පැවසීම අතිශය ගැටලු සහගත බවත් රාජ්‍යතාන්ත්‍රික වශයෙන් කරන සංචාර පිළිබඳ වත්මන් රජයට අවබෝධයක් නැති බව මේ කරුණ හමුවේදී ද පැහැදිලි වන බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

අදාළ නිවේදනය පහතින්. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026