Skip to content
V
ලක්ෂ 300ක අල්ලසක් ගත්තැයි එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් අත්අඩංගුවට
Politics

ලක්ෂ 300ක අල්ලසක් ගත්තැයි එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ලේකම් අත්අඩංගුවට

By News Room · 14 August 2024

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ හිටපු  සභාපතිවරයකු වන ජනක රත්නායක මහතාට එක්සත් ලංකා පොදුජන පක්‍ෂයෙන් නාමයෝජනා දීමට රුපියල් ලක්‍ෂ 300 ක අල්ලස් මුදලක් ගනිද්දී එම පක්‍ෂයේ ලේකම්වරයා ඇතුළු විධායක සභිකයන් කීපදෙනකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිෂන් සභාවේ ප්‍රකාශකයෙක් මීට සුළු මොහොතකට පෙර පැවසීය.

අල්ලස දූෂණයට නාස්තියට එරෙහි පුරවැසි බලයේ සභාපති කාමන්ත තුෂාර මහතා අල්ලස් කොමිසමට කළ පැමිණිල්කට අනුව කළ වැටලීමකදී වැලිකඩ ප්‍රදේශයේ ප්‍රසිද්ද ව්‍යාපාරික සංකීර්ණයකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

බොරැල්ලේ පිහිටි වැලිකඩ ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේදී අදාල පුද්ගලයන් මුදල් ලබාගනිද්දී අද (14) පස්වරුවේ අත්අඩංගුවට පත්වූ බව ද එම ප්‍රකාශකයා කීය.

Related articles

කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි

කිලිනොච්චියේ කළු කොඩි ඔසවද්දී වවුනියාව උත්සවශ්‍රීයෙන් නිදහස සමරයි

4 February 2026
මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා

මුහුණු වහන් ඇවිත් ගඩාෆිගේ පුත්‍රයාට වෙඩි තබා මරා දමලා

4 February 2026
ජුලී චන්ග් ආපසු යයි

ජුලී චන්ග් ආපසු යයි

7 January 2026
රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්

රනිල්ගේ වත්කම් ගැන හඳුන්නෙත්තිට සැකයක්

23 August 2024