Skip to content
V
රිළවුන් වන්ද්‍යකරණ ව්‍යාපෘතිය මාතලේදී අද ආරම්භ විය
featured news - උණුසුම් පුවත්

රිළවුන් වන්ද්‍යකරණ ව්‍යාපෘතිය මාතලේදී අද ආරම්භ විය

By News Room · 12 December 2024

ගහනය ඉහළයෑමෙන් වගාවන්ට සහ දෛනික ජනජීවිතයටද බලපෑම් එල්ල කර ඇති රිළවුන් වන්ද්‍යකරණය කිරීමේ නියමු ව්‍යාපෘතියක් මාතලේදී අද ආරම්භ කෙරුණා.  මෙහිදි අල්ලා ගන්නා රිළවුන් ගිරිතලේ සත්ව සුරැකුම් මධ්‍යස්ථානයට රැගෙන ගොස් වන්ධ්‍යාකරණයට ලක් කර පසුව යළිත් එම ප්‍රදේශයටම මුදා හැරීමට නියමිතය. මේ සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 4.5කි.

මේ සම්බන්ධව අදහස් දක්වමින් මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය පැවසුවේ දිගුකාලීනව ගහනය පාලනය කිරීම සඳහා වූ නියමු ව්‍යාපෘතියක් මෙලෙස ආරම්භ කළ බවය.

මේ අතර කතරගම දේවාලය සහ වනජීවී නිලධාරීන් එක්ව මීට වසරකට පමණ ක්‍රියාත්මක කළ රිළවුන් සහ වඳුරන් අල්ලා කැලෑවට මුදාහැරීමේ වැඩපිළිවෙළ නැවත ක්‍රියාත්මක කරන ලෙස ප්‍රදේශවාසීන් ඉල්ලා සිටියි. ප්‍රදේශවාසීන් පැවසුවේ එම කාලය තුළ වඳුරන් සහ රිලවුන් ගැවසීම අඩු වූ බවය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026