Skip to content
V
රෝහිතගේ දියණියට ඇප හිමිවෙයි
featured news - උණුසුම් පුවත්

රෝහිතගේ දියණියට ඇප හිමිවෙයි

By News Room · 31 July 2025

මතුගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය වන රොෂෙල් අබේගුණවර්ධනට ඇප හිමිව තිබේ.

ඇය අද (31) පෙරවරුවේ අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර, එහිදී රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප 2ක් මත මුදාහැර තිබේ.

නීති විරෝධි ලෙස ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණවලට අදාළව ඇය ඊයේ (30) වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය වෙත භාර වී තිබුණි. එහිදී ඇයගෙන් පැය 9කට අධික කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රොෂෙල් අබේගුණවර්ධනගේ සැමියා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටියි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026