Skip to content
V
රුහුණු සරසවියේ උපකුලපති සිය ධුරය අත්නොහරින බව කියයි
featured news - උණුසුම් පුවත්

රුහුණු සරසවියේ උපකුලපති සිය ධුරය අත්නොහරින බව කියයි

By News Room · 20 November 2024

තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කරන බව රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, අසත්‍ය චෝදනා එල්ල කරමින් ඉල්ලා අස්වෙන ලෙසට ඉල්ලීම් කළ ද තමන් සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් නොමැති බවය.

රුහුණු විශ්වවිද්‍යාලයේ උප කුලපතිවරයා ධුරයෙන් ඉවත් කරන ලෙස බලකරමින් එම විශ්වවිද්‍යාලයේ අධ්‍යයන, අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා සිසුන් ඊයේ (19) දිනයේ සිට වැඩවර්ජනයක් ආරම්භ කර තිබුණි.

මෙම ගැටලුව සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාරය හරිනි අමරසුරිය සහ විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අතර විශේෂ සාකච්ඡාවක් ද ඊයේ පස්වරුවේ පවත්වනු ලැබීය.

කෙසේවෙතත් එහිදී සිය ගැටලුවට විසදුම් නොලැබීම හේතුවෙන් අඛණ්ඩව සත්‍යග්‍රහයක් ක්‍රියාත්මක කරන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සඳහන් කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026