Skip to content
V
රෝහල්ගත කර සිටින සුරේෂ් සලේ තවමත් ආහාර වර්ජනයේ
featured news - උණුසුම් පුවත්

රෝහල්ගත කර සිටින සුරේෂ් සලේ තවමත් ආහාර වර්ජනයේ

By News Room · 9 June 2026

ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර සිටින සුරේෂ් සලේ මහතා තවදුරටත් ආහාර නොගෙන උපවාසයේ සිටින බව වාර්තා වේ.

පවුලේ ඥාතීන්ට සහ නීතීඥවරයාට ඊයේ (08) දිනයේ  ඔහු බැලීමට අවස්ථාව ලබාදී ඇති අතර එහිදී තමන් තවදුරටත් ආහාර වර්ජනයේ නිරතව සිටින බවට සුරේෂ් සලේ මහතා ප්‍රකාශ කර ඇති බව වාර්තා වේ.

තමා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ඉවත් කරන ලෙසත් රඳවා තබා ඇති ස්ථානය වෙනස් කරන ලෙසත් ඉල්ලමින් ඔහු මෙලෙස ආහාර වර්ජනයේ නිරතව සිටින බව සඳහන්ය.

මේ අතර රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෲර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ආරම්භ කර ඇති සත්‍යග්‍රහය තවදුරටත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට දී පැවැත්වේ. සත්‍යග්‍රහයට එක්ව සිටි පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා සඳහා කළේ කුමන බාධා එල්ල වුව ද මෙම සත්‍යග්‍රහය නතර නොකරන බවය.

එම සත්‍යග්‍රහය සමග එක්වූ  සර්වජන බලයේ උප සභාපතිනි අනුරාධා යහම්පත් මහත්මිය සඳහන් කළේ, සලේ මහතාව නිදහස් කරන තුරු මෙම සත්‍යග්‍රහය සිදුකරන බවත් මෙය රණවිරුවන්ට සිදුකරන විශාල අපහාසයක් වන බවත්ය. 

කෙසේවෙතත් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබදව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සුරියආරච්චි මහතා සඳහන් කළේ, සලේ මහතා සම්බන්ධයෙන් වූ කාරණය අධිකරණයට යටත්ව තිබෙන දෙයක් වන බැවින් කිසිවෙකු කලබල විය යුතු නැති බවය.  අධිකරණය මඟින් නිසි පරිදි මෙය විසඳනු ඇති බවත් කිසිවෙකු සම්බන්ධයෙන් ආණ්ඩුව වෛරයෙන් කටයුතු නොකරන බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026