Skip to content
V
රෙස්ලින් දැවැන්තයෙක් දිවි සටනින් පරදියි
featured news - උණුසුම් පුවත්

රෙස්ලින් දැවැන්තයෙක් දිවි සටනින් පරදියි

By News Room · 26 August 2024

කීර්තියට පත් හිටපු WWE ශූරයෙක් වන Sid Eudy, මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මිය යන විට ඔහු 64 හැවිරිදි වියේ පසු වූ බවයි වාර්තා වන්නේ. Sid Eudy දීර්ඝ කාලයක් තිස්සේ පිළිකා රෝගයකින් පෙළී තිබෙනවා.

Sid Justice, Sid Vicious සහ Sycho Sid මැයෙන් කතාබහට ලක් වූ ඔහු එවකට වඩාත්ම බලගතු සහ බිහිසුණු තරගකරුවෙක් ලෙස ප්‍රකට චරිතයක්. 1960 වසරේ එක්සත් ජනපදයේ ආකැන්සාස්හි උපත ලද Sid Eudy මල්ලවපොර පිටියට පිවිසියේ 1989 දී ලෝක ශූරතා මල්ලවපොර (WCW) තරඟාවලියට සම්බන්ධවීමෙන්.

කෙසේ වෙතත් ඔහුගේ පුත් 'Gunnar Eudy' ඊයේ (26) සිය ෆේස්බුක්හි සටහනක් තබමින් තම පියාගේ මරණය මෙලෙස නිවේදනය කර තිබුණා.

"මගේ පියා වන Sid Eudy වසර ගණනාවක් පිළිකාව සමඟ සටන් කිරීමෙන් පසු මිය ගියා. මම බෙහෙවින් කණගාටු වෙමි. ඔහු ශක්තිය,කරුණාව සහ ආදරය ඇති මිනිසෙක්. ඔහුගේ අහිමි වීම බොහෝ සෙයින් දැනෙනු ඇත. ඔබගේ සහයෝගයට ස්තුතියි.”

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026