Skip to content
V
රුසියාව පුහුණු කළ ඔත්තු බැලූ තල්මසෙකු මියයි
featured news - උණුසුම් පුවත්

රුසියාව පුහුණු කළ ඔත්තු බැලූ තල්මසෙකු මියයි

By News Room · 2 September 2024

රුසියාව විසින් ඔත්තුකරුවෙකු ලෙස පුහුණු කළ බවට සැක කෙරෙන බෙලූගා තල්මසෙකු නෝර්වේ වෙරළට ඔබ්බෙන් මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.

ව්ලැඩිමීර් ලෙස නම් කළ මෙම සත්වයාගේ සිරුර නිරිතදිග රිසාවිකා නගරාසන්න මුහුදේ පාවෙමින් තිබියදී සොයා ගෙන ඇති අතර,පරීක්ෂණ සඳහා ඊට වරායට ගෙන ගොස් ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මීට වසර පහකට පෙර "සාන්ත පීටර්ස්බර්ග් උපකරණ" යනුවෙන් සඳහන් කර ඇති පටිවලට සවි කර ඇති කැමරාවක් සමඟින් වයස අවුරුදු 15ක තල්මසා ප්‍රථම වරට නෝර්වීජියානු මුහුදේ දී දැක තිබුණා.

මෙම සත්වයා ඔත්තු සේවයේ යොදවා ඇති බවට එවක ප්‍රචාර වූවත් රුසියාව ඒ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැහැ.

වසර ගණනක් මෙම සත්වයා නිරීක්ෂණය කළ මැරයින් මයින්ඩ් නම් සංවිධානය තල්මස් සිරුර සොයාගෙන තිබූ අතර, මරණීය තුවාලද දක්නට නොමැති බවයි ඔවුන් පවසන්නේ.

අවුරුදු 60ක් පමණ ජීවත්වන බෙලූගා වර්ගයේ තල්මසුන් දිගින් අඩි පහේ සිට 15 ක් පමණ විය හැකි අතර, කිලෝග්‍රෑම් 1500 කට ආසන්න බරකින් යුක්තයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026