Skip to content
V
රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාර මාලාවක්
featured news - උණුසුම් පුවත්

රුසියාවෙන් යුක්රේනයට දැවැන්ත ප්‍රහාර මාලාවක්

By News Room · 28 November 2024

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.

කියෙව් නගරයේ ස්ථාන කීපයකටද රුසියානු හමුදාව මිසයිල එල්ල කළ බවත් එම මිසයිල ගුවන් ආරක්ෂණ පද්ධතිය විසින් සාර්ථකව විනාශ කරනු ලැබූ බවත් කියෙව් නගරාධිපති විටාලි ක්ලිකෝ ප්‍රකාශ කළේය. ඉන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවත් කෙසේ නමුත් දේපළ හානි වාර්තා වන බවත් නගරාධිපතිවරයා ප්‍රකාශ කළේය.

රුසියානු හමුදා ප්‍රහාර මාලාව ආරම්භ කිරීමත් සමග යුක්රේනයේ න්‍යෂ්ටික බලාගාර කීපයක් ක්‍රියා විරහිත කිරීමටද බලධාරීන් කටයුතු කළ බවත් ප්‍රහාර හේතුවෙන් යුක්රේනුවන් මිලියනයකට විදුලිය විසන්ධි වූ බවත් නගරාධිපති ක්ලිකෝ පැවැසුවේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026