Skip to content
V
රුසියානු බලශක්ති නියෝජ්‍ය ඇමති දිවයිනට
featured news - උණුසුම් පුවත්

රුසියානු බලශක්ති නියෝජ්‍ය ඇමති දිවයිනට

By News Room · 26 March 2026

ඛනිජතෙල් සැපයුම් පිළිබද රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා සඳහා රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් ඇතුළු දුත පිරිසක් අද (26) පෙරවරුවේ මෙරටට පැමිණ තිබේ.

ඔවුන් සමඟ සාකච්ඡා පැවැත්වෙන්නේ මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ තෙල් අවශ්‍යතා සපයාගැනීමේ විකල්ප ක්‍රම වෙත යොමු වීමට රජය ගත් තීරණය අනුවය. 

උද්ගත වූ මැදපෙරදිග යුද තත්ත්වය හමුවේ බලශක්ති අර්බුදයක් නිර්මාණය වූ අතර ඊට සූදානමක් ලෙස මෙරට තෙල් බෙදාහැරීම සීමා කරන ක්‍රමවේද ක්‍රියාවට නැංවීමට රජය පියවර ගත්තේය.

කෙසේවෙතත් මැදපෙරදිග හෝමූස් සමුද්‍රසන්ධිය අවහිරවීමත් සමඟ මෙරටට අපේක්ෂිත තෙල් නැව් කිහිපයක් නියමිත දිනවලටම පැමිණීමට බාධා එල්ල විය. නිර්මාණය වූ මෙම තත්ත්වය හමුවේ විකල්පයක් ලෙස රුසියාවෙන් තෙල් මිලදී ගැනීම පිළිබඳ රජයේ අවධානය යොමු වී තිබේ.

එහි ප්‍රතිඵලයක් ලෙස ඛනිජ තෙල් සැපයුම් පිළිබඳ රාජ්‍ය ත්‍රාන්ත්‍රික සාකච්ඡා සඳහා රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය රෝමන් මාර්ෂවින් ඇතුළු දුත පිරිසක් අද පෙරවරුවේ දිවයිනට පැමිණ තිබේ.

මෙරට රජයේ ආරාධනයකට අනුව දෙදින නිල සංචාරයක් සඳහා පැමිණි එම පිරිස පිළිගත්තේ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතාය. රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අතර සාකච්ඡාවක් ද අද පැවැත්වීමට නියමිතව ඇත.

ඉන් අනතුරුව, රුසියානු බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවීමට ද නියමිත අතර එහිදී මෙරට බලශක්ති අර්බුදයෙන් මිදීම සඳහා වන එකඟතාවන් ඇති කරගැනීම සඳහා සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. 

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026