Skip to content
V
රුසියන් යුද ශක්තිය හමුවේ හෙම්බත් වූ යුක්රේන සොල්දාදුවන්
featured news - උණුසුම් පුවත්

රුසියන් යුද ශක්තිය හමුවේ හෙම්බත් වූ යුක්රේන සොල්දාදුවන්

By News Room · 8 September 2024

රුසියාවේ යුද ශක්තිය හමුවේ යුක්රේන සොල්දාදුවන් අධෛර්යමත්ව හෙම්බත්වී ඇති බවත් යුක්රේන හමුදාවට බඳවා ගන්නා නව සොල්දාදුවන් බොහෝදෙනා යුද්ධයට යාමට ප්‍රතික්ෂේප කරන බවත් සී.එන්.එන් පුවත් සේවය වාර්තා කළේය.

බොහෝ යුක්රේන සොල්දාදුවන් රුසියානු හමුදාව අතින් ඝාතනයට ලක්ව ඇති බවත් ඉතිරි සොල්දාදුවන්ගෙන් බෝහෝ පිරිස් යුක්රේන හමුදාව හැරදමා යාමට පටන් ගෙන ඇති බවද සී.එන්.එන් පුවත් සේවය සඳහන් කළේය. එසේම යුක්රේන හමුදාව අලුතින් බඳවා ගන්නා සොල්දාදුවන්ද හමුදාව හැරදමා යාමට උත්සාහ කිරීමත් ඔවුන් ලබාදෙන නියෝගවලට අවනත නොවීමත් බරපතළ ගැටලුවක් වී ඇතැයි එම පුවත් සේවය සඳහන් පැවැසුවේය.

යුක්රේන හමුදාවේ අණදෙන නිලධාරීන් සය දෙනකු මෙම තොරතුරු හෙළිකළ බවත් ඉන් සිව් දෙනකු ඔවුන්ගේ අනන්‍යතාවයන් ප්‍රසිද්ධ කරනවට අකැමැතිවූ බවත් සී.එන්.එන් පුවත් සේවය ප්‍රකාශ කළේය.

අලුතින් හමුදා සේවයට බැඳෙන යුක්රේන සොල්දාදුවන් රුසියාවේ යුද ශක්තිය දුටු වහාම අධෛර්යමත් වී සේවය හැරදමා යාමට උත්සාහ කරන බවත් ඔවුන් යුද්ධයට යෑමට ප්‍රතික්ෂේප කරන බවත් එම අණදෙන නිලධාරීන් ප්‍රකාශ කළ බව සී.එන්.එන් පුවත් සේවය පෙන්වා දුන්නේය.

මෙම වසරේ පළමු මාස හතරේදී පමණක් යුක්රේන හමුදාව හැර ගිය 19,000 කට එරෙහිව එරට නීතිමය පියවර ගෙන තිබෙන බවද එම පුවත්සේවය ප්‍රකාශ කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026