Skip to content
V
රුපියල් මිලියන 69ක කේරළ ගංජා තොගයක් සොයා ගැනේ
featured news - උණුසුම් පුවත්

රුපියල් මිලියන 69ක කේරළ ගංජා තොගයක් සොයා ගැනේ

By News Room · 5 March 2025

රුපියල් මිලියන 69කට අධික දළ වටිනාකමින් යුත් කේරළ ගංජා තොගයක් යාපනය වත්තිරායන් වෙරළේදී නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කිලෝ ග්‍රෑම් 174කට අධික මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ. වත්තිරායන් වෙරළට ආසන්න කැලෑබද ප්‍රදේශයේ තිබූ සැක කටයුතු උර හතක් පරීක්‍ෂාවට ලක් කිරීමේදී මෙම කේරළ ගංජා තොගය සොයා ගෙන ඇති අතර, එම කේරළ ගංජා තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මරුතන්කර්නි පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත වෙත භාරදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026