Skip to content
V
රිදීමාලියද්දේ කදුවැටි කීපයක් නායයාමට පටන් ගනී
featured news - උණුසුම් පුවත්

රිදීමාලියද්දේ කදුවැටි කීපයක් නායයාමට පටන් ගනී

By News Room · 10 December 2025

රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුල පිහිටි කදුවැටි කීපයක නාය යාම් අද (10)  දින යළී සක්‍රිය වි ඇතැයි රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් ඩී.ඩී.එස්.තක්ෂිලා ගුණරත්න මහත්මිය පැවැසුවාය. දික්යාය පුඩුල්ල කන්ද, කළුකැලේ කන්ද, බුබුල වසමේ නියන්තලාගල කන්ද, අරාව වසමේ පේනහේන කන්ද, පහලඔය වසමේ ඔලගන්ගල කන්ද, කන්දේගම වසමේ පරණගම කන්දේ නාය යාම් මේවන විට සක්‍රියව ඇත.

මේ වන විටත් දික්යාය වසමේ පුඩුල්ල කන්ද පරික්ෂා කල ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය එය නාය යාමක් බවට තහවුරු කර ඇතැයිද පැවැසුවාය. නාය යාම් සක්‍රීය වෙමින් පවතින ප්‍රදේශවල ජනතාව මේ වන විට ආරක්ෂිත ස්ථාන කරා යොමු කරමින් සිටින බවද ප්‍රාදේශීය ලේකම්වරිය පැවසුවාය. ඇය මෙසේද කීවාය.

"මේ වන විට අප කොට්ඨාසයේ කඳු වැටි කීපයක නාය යෑම් සක්‍රිය වෙමින් පවතිනවා. කළුකැලේ ප්‍රදේශයේ  සිදුවන නාය යෑමෙන් ජනතාවට වන පීඩාව අවම කිරීම සඳහා එම පිරිස ගම්මානයේ පහළ පිහිටි දික්යාය පාසලට යොමු කිරීමටත් කන්දේගම ඔළගංගල හා ඒ අවට ප්‍රදේශවල ජනතාව කුරුවිතැන්න පාසලේ පිහිටුවා ඇති ආරක්ෂිත මධ්‍යස්ථාන කරා යොමු කිරීමටත් පියවර ගෙන තිබෙනවා. සමහර ප්‍රදේශවල නාය යාමට  ලක්වන ප්‍රදේශ ආශ්‍රිතව නිවාස නැහැ. කොහොම වෙතත් අපි සෑම ප්‍රදේශයක්ම ඉලක්ක කර ගනිමින් ජනතාවට හානි සිදුවීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර මේ වන විට ගනිමින් සිටින බව කිව යුතුයි."

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026