Skip to content
V
රාත්‍රියෙත් වැඩ කරන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එක්දින සේවා කාර්ය මණ්ඩලය
featured news - උණුසුම් පුවත්

රාත්‍රියෙත් වැඩ කරන ආගමන විගමන දෙපාර්තමේන්තුවේ එක්දින සේවා කාර්ය මණ්ඩලය

By News Room · 8 December 2024

විදේශ ගමන් බලපත්‍ර හිඟය සමඟ ඇතිවූ හදිසි අවශ්‍යතා සඳහා ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගැටලුවට ඉතාමත්ම ක්‍රමවත් ආකාරයට විසඳුම් ලැබී ඇති බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව ඒ සඳහා පත්කර ඇති කමිටුව ඉතාමත් හොඳින් ක්‍රියාත්මක වන බවත් ජනතාව පවසති.

රැකියා, සෞඛ්‍ය, වන්දනා සහ ක්‍රීඩා ඇතුළු වඩාත් සංවේදී අවශ්‍යතා පිළිබඳව අවදානය යොමු කර අයදුම්පත් විශේෂ කමිටුවට යොමු කළ පසු කිසිඳු ප්‍රමාදයකින් තොරව අනුමැතිය දී නියෝජ්‍ය පාලකවරයෙක් වෙත යොමු කරන බවත් ජනතාව සඳහන් කරති.

නියෝජ්‍ය පාලකවරයා එම අයදුම්පත්වලට ප්‍රමාදයකින් තොරව පෞද්ගලිකව අවදානය යොමුකර එක්දින සේවාවටත් කාලය තිබේ නම් අවශ්‍යතාව අනුව දිනයක් දෙන්නේ යැයි පවසන ජනතාව ඉතාමත් ක්‍රමවත්ව විදේශගමන් බලපත්‍ර නිකුත් කිරීම ක්‍රියාත්මක වන බවත්ය.

මාර්ගගත ක්‍රමයට දින වෙන්කිරීමේ ක්‍රමය ද මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වන අතර දහසකට අධික සංඛ්‍යාවකගේ අයදුම්පත් දිනකට බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් පමණක් භාරගන්නා බවත් රටපුරා සෙසු කාර්යාලවලින් ද දිනකට විශාල අයදුම්පත් සංඛ්‍යාවක් භාරගන්නා බවත් එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

දිනයක් සහ වේලාවක් වෙන්කරගත් ජනතාව කිසිඳු බාධාවකින් තොරව එක්දින සේවාව නම් එම ක්‍රමයට ද, එසේ නොවේ නම් සාමාන්‍ය ක්‍රමයට ද, විදේශ ගමන් බලපත්‍ර ගන්නා බව කී එම නිලධාරියා මාර්ගගත ක්‍රමය වඩාත් සාර්ථක වී ඇති බව ද කීය.

අදාල නියෝජ්‍ය පාලකවරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ එක්දින සේවාවේ කාර්ය මණ්ඩලයේ බොහෝ දෙනෙක් කාර්යාල දිනවල පෙරවරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා සේවය කරන බවත් එම දෙපාර්තමේන්තුන තුළ දහසක පමණ සේවක හිඟයක් පැවතීම මෙසේ දීගු කාලයක් සේවය කිරීමට හේතුව බවත් වාර්තා වේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026