Skip to content
V
රාජ්‍ය සංස්ථා සේවකයින්ට අදාල ප්‍රසාද දීමනා චක්‍රලේඛනය නිකුත් කරයි
featured news - උණුසුම් පුවත්

රාජ්‍ය සංස්ථා සේවකයින්ට අදාල ප්‍රසාද දීමනා චක්‍රලේඛනය නිකුත් කරයි

By News Room · 24 December 2024

රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

සියලු අමාත්‍යංශ ලේකම්වරුන් රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන් වෙත ඊයේ (24) දිනයේ දී භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇත. 

එම චක්‍රලේඛය මගින් මෙම වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීම සිදුකළ යුතු ආකාරය පිළිබදව නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

2023 වර්ෂය තුළ ලාභ උපයා බදු පසු ලාභයෙන් අවම වශයෙන් සියයට 30ක් ඒකාබද්ධ අරමුදලට ලාභාංශ ලෙස හෝ අයබදු ලෙස ගෙවා ඇති ආයතනවල සේවකයින් සඳහා රුපියල් 25,000ක හෝ 20,000ක ප්‍රසාද දීමනාවක් ලබාදෙන ලෙස එම චක්‍රලේඛයෙන් යෝජනා කර ඇති බව සඳහන් වේ.

අදාළ ප්‍රසාද දීමනා ලබා දීමේ දී අනුගමනය කළ යුතු පිළිවෙළ ද එම චක්‍රලේඛය මගින් භාණ්ඩාගාර ලේකම්වරයා පැහැදිලි කර ඇත.

එමගින් මහභාණ්ඩාගාර ලේකම්වරයා දැනුම් දී ඇත්තේ විශේෂයෙන් ප්‍රසාද දීමනා ගෙවීම සඳහා අරමුදල් මහභාණ්ඩාගාරය විසින් සැපයීමක් සිදු නොකරන බවය. 

රජය සතු ව්‍යවසායන් හී කාර්ය මණ්ඩලයට ප්‍රසාද දීමනා ගෙවීම සම්බන්ධයෙන් කිසියම් ගැටලුවක් මතු වුවහොත් අමාත්‍ය මණ්ඩලයේ විශේෂ අනුමැතිය ලබා ගැනීම අනිවාර්යය බව ද එම චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026