Skip to content
V
රාජ්‍ය සේවයට 26,095ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
featured news - උණුසුම් පුවත්

රාජ්‍ය සේවයට 26,095ක් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

By News Room · 13 January 2026

රාජ්‍ය සේවයට 26,095ක් අලුතින් බඳවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ගුරුවරු 23,344ක් ඇතුළුව මෙම බඳවා ගැනීම් සිදුකිරීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

රාජ්‍ය සේවයේ බඳවාගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කරමින් අවශ්‍යතා, ප්‍රමුඛතා හා කාලරාමු හඳුනාගෙන ඒ ආශ්‍රිතව අත්‍යවශ්‍යයෙන්ම සිදු කළ යුතු බඳවාගැනීම් ප්‍රමාණයන් සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්ගේ ප්‍රධානත්වයෙන් නිලධාරි කමිටුවක් පත්කිරීම සඳහා 2024/12/30 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.

එම කමිටුව වෙත ඒ ඒ අමාත්‍යාංශ විසින් එම අමාත්‍යාංශ යටතේ පවතින දෙපාර්තමේන්තු සහ අනෙකුත් ආයතනවල පවතින තනතුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීම සඳහා ඉදිරිපත් කරන ලද ඉල්ලීම් සැලකිල්ලට ගෙන, කමිටුව විසින් නිර්‌දේශ කරන ලද පහත සඳහන් බඳවාගැනීම් සිදු කිරීම සඳහා අදාළ අමාත්‍යාංශ සහ ආයතන වෙත අනුමැතිය ලබා දීමට අගමැතිනිය ඉදිරිපත් කළ යෝජනාවට මෙලෙස අනුමැතිය හිමිව තිබේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026