Skip to content
V
රාජ්‍ය ආයතනයකින් මුදල් වංචා කළ තිදෙනෙක් රිමාන්ඩ්
featured news - උණුසුම් පුවත්

රාජ්‍ය ආයතනයකින් මුදල් වංචා කළ තිදෙනෙක් රිමාන්ඩ්

By News Room · 3 April 2025

මුදල් වංචාවකට සම්බන්ධ සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ පරිගණක මෘදුකාංග පද්ධතියේ දත්ත වෙනස් කරමින් චෙක් පත් මඟින් රුපියල් 27,031,024.15 ක මුදලක් වංචා කළ බවට පරණ කොට්ටාව පාර, නාවින්න, මහරගම ලිපිනයේ පිහිටි ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවේ සාමාන්‍යාධිකාරිවරයා විසින් පසුගිය 20 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකර තිබේ.

ඒ අනුව, සිදුකළ විමර්ශනයට අනුව මුදල් වංචා කරන ලද සැකකරු හා ඊට ආධාර අනුබල දුන් සැකකාරියන් දෙදෙනෙකු පසුගිය පළමුවනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 35 ක් වන කැලණිය ප්‍රදේශයේ හා සැකකාරියන් අවුරුදු 25, 32 යන වයස් වල පසුවන කැලණිය ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරු හා සැකකාරියන් දෙදෙනා ඊයේ (02) නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව එළැඹෙන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026