Skip to content
V
රාජිත පිම්මක් පනින ලකුණු...
featured news - උණුසුම් පුවත්

රාජිත පිම්මක් පනින ලකුණු...

By News Room · 13 August 2024

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට එක්වීමේ සූදානමක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ පිළිබඳ  ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් විශේෂ නියෝජිතයකු සමඟ හිටපු අමාත්‍යවරයාගේ සමීපතමයන්ද ඊයේ (12) රාත්‍රීයේ පානදුර ප්‍රදේශයේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ  බවද හෙතෙම පැවසීය. හිටපු අමාත්‍යවරයා ඊයේ (13)පස්වරුවේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ දී ආගමික වතාවත් ඉටුකිරිමෙන් පසු ඒ සම්බන්ධයෙන් නිළ ප්‍රකාශයක් ලබාදීමට නියමිත බව වාර්තා වේ. එම අවස්ථාවට කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කළ හිටපු පළාත් පාලන නියෝජිතයින් පිරිසක්ද සහභාගී වීමට සූදානම්ව සිටින බවද සඳහන් වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා  පසුගිය මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගය නියෝජනය කරමින් කළුතර දිස්ත්‍රික්කයේ තේරී පත්වූ මන්ත්‍රීවරුන් දෙදෙනාගෙන් කෙනෙකි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026