Skip to content
V
රාජකීය ගුරුවරයා රනිල්ට මඩකලපුවේ දී කිව්ව දේ...
featured news - උණුසුම් පුවත්

රාජකීය ගුරුවරයා රනිල්ට මඩකලපුවේ දී කිව්ව දේ...

By News Room · 24 August 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය ලබන අවධියේ එහි ගුරුවරයකු ලෙස සේවය කළ බී.සිවලිංගම් මහතා මඩකලපුවේ අද (24) පැවති මහජන රැළියේ වේදිකාවට ගොඩවී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණයට ආශීර්වාද කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීම වෙනුවෙන් දෙමළ මහජන විමුක්ති(ටී.එම්.වි.පි) පක්ෂයේ නායක රාජ්‍ය අමාත්‍ය ශිවනේසර්තුරෙයි චන්ද්‍රකාන්ත් (පිල්ලෙයාන්) මහතා සංවිධානය කළ "පුලුවන් ශ්‍රී ලංකා"මහජන රැළිය ශිවානන්දා ජාතික පාසල් ක්‍රීඩාංගණයේ පැවති අතර එහි පැමිණි සිවලිංගම් ගුරුතුමා මෙලෙස ජනාධිපතිවරයාට ආශීර්වාද කළේය.

මේ වන විට විශ්‍රාම සුවයෙන් මඩකලපුව සිය නිවසේ පදිංචිව සිටින 98 වියැති බී. සිවලිංගම් මහතා සිය ශිෂ්‍යයකු වන රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුවට පැමිණෙන බව සැලවීමෙන් පසු මෙම රැළියට පැමිණ තිබුණි.

සිය ගුරුවරයා තමන් අසලින්ම හිඳුවාගත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා රැස්වීම අවසන් වනතෙක් තම ගුරුතුමා වේදිකාවේ ඔහු අසලින් හිඳුවා ගත්තේය.

රනිල් වික්‍රමසිංහ මහතා ට අමතරව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු කතානායක අනුර බණ්ඩාරනායක, හිටපු අමාත්‍යවරයා මලික් සමරවික්‍රම ඇතුලු ඇමති මණ්ඩලයේ බහුතරයකට සිවලිංගම් මහතා අධ්‍යාපනය ලබාදුන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය කතාවේදී සිහිපත් කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026