Skip to content
V
රේගුවෙන් වාර්තාගත ආදායමක්
featured news - උණුසුම් පුවත්

රේගුවෙන් වාර්තාගත ආදායමක්

By News Room · 1 January 2025

ශ්‍රී ලංකා රේගුව විසින් පසුගිය වසරේදී රුපියල් ට්‍රිලියන 1.5ක් ඉක්ම වු ආදායමක් වාර්තා කර තිබේ. ඒ අනුව රුපියල් ට්‍රිලියන 1.515ක ආදායමක් පසුගිය වසරේ දී වාර්තා වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසුවේය. එය ශ්‍රී ලංකා රේගුව වසරක් තුළ ලබාගත් ඉහළම ආදායම වේ.

රජය විසින් 2024 වසර සඳහා ලබා දී තිබූ රුපියල් ට්‍රිලියන 1.533ක ආදායම් ඉලක්කය ආසන්නය දක්වා පැමිණීමට ශ්‍රී ලංකා රේගුවට හැකිවී ඇති බව සඳහන්ය. රජයේ බදු ප්‍රතිපත්තිය, ආනයන ප්‍රමාණය ඉහළ යාම හා රේගු කළමනාකාරිත්වය විසින් සිදුකරන ලද බදු එකතුකිරීමේ ක්‍රියාවලිය කාර්යක්ශම කිරීම මේ සඳහා බලපා ඇති බව ශ්‍රී ලංකා රේගුව වැඩිදුරටත් සඳහන් කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026