Skip to content
V
රේගු ආදායම මාස 06ක් තුළ රුපියල් ට්‍රිලියනය ඉක්මවයි
featured news - උණුසුම් පුවත්

රේගු ආදායම මාස 06ක් තුළ රුපියල් ට්‍රිලියනය ඉක්මවයි

By News Room · 4 July 2025

මෙම වසරේ ගතවූ මාස 06 ක කාලය තුළ දී ශ්‍රී ලංකා රේගුව විසින් රුපියල් ට්‍රිලියනය (බිලියන 1000) ඉක්මවූ ආදායමක් උපයා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ පවසනවා. ඒ අනුව, මෙම වසරේදී රජය ලබාදුන් ආදායම් ඉලක්කය වන බිලියන 2115 සීමාව පසුකර යෑමට හැකිවනු ඇති බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේ. ශ්‍රී ලංකා රේගුව තුළ ක්‍රියාත්මක වූ ආදායම් එකතු කර ගැනීමේ ක්‍රමවේදය ප්‍රතිව්‍යුහගත කිරීම නිසා මෙය සාර්ථක කර ගැනීමට හැකියාව ලැබුණු බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026