Skip to content
V
රංගන ශිල්පිනියක සහ නිරූපිකාවක වූ අකුෂ්ලා සෙල්ලයා මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
featured news - උණුසුම් පුවත්

රංගන ශිල්පිනියක සහ නිරූපිකාවක වූ අකුෂ්ලා සෙල්ලයා මහත්මිය අභාවප්‍රාප්ත වෙයි

By News Room · 17 March 2025

මෙරට ප්‍රකට රංගන ශිල්පිනියක සහ නිරූපිකාවක වූ අකුෂ්ලා සෙල්ලයා මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ. 1978 වසරේදී Slave Of the Cannibal God ඉතාලි සිනමා පටය හරහා  සිනමාවට පිවිසෙන ඇය පසුව   "Rampage" (1978) / "Tarzan the Ape Man" (Hollywood) (1981), "තවලම" (1981), "බාඳුරා මල්" (1981), "රෑ මනමාලි" (1982), "හිතත් හොඳයි වැඩත් හොඳයි" (1983), වැනි සිංහල චිත්‍රපට රැසකට  රංගනයෙන් ද දායක වූවාය. 

එමෙන්ම 1985 වසරේදී "චාර්ල්ස් ඒන්ජල්ස්" චිත්‍රපටයේ සිංහල ප්‍රතිනිර්මාණය වූ "සුර දූතියෝ" චිත්‍රපටයේ රංගනයෙන් දාකයක වූ අතර එය ඇගේ රංගන දිවියේ උච්චතම අවස්ථාව බවටද හැඳින්විය හැකිය.

"සුර දූතියෝ" චිත්‍රපටය මෙරට සිනමාවේ ප්‍රවීන සටන් නළුවෙකු වූ රොබින් ප්‍රනාන්දු මහතා අධ්‍යක්ෂණය කළ මුල්ම චිත්‍රපටය වූ අතර මෙය රූ ගත කිරීම් 1983 වසරේදී ආරම්භ කළද එවකට පැවති කළු ජූලිය හේතුවෙන් රූගත කිරීම් ප්‍රමාද කිරීමට ද සිදුවිය.

එම සිනමා පටය සඳහා ඇයට අමතරව විශාකා සිරිවර්ධන සහ රෝසී සේනානායක ද රංගනයෙන් දායක වූවාය. "සුර දූතියෝ" චිත්‍රපටය තුළින් මත්ද්‍රව්‍ය ජාවාරම, ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කිරීම වැනි ක්‍රියාවන් පිළිබඳ නිරූපනය වූ අතර එම චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙමින් අකුෂ්ලා සෙල්ලයා මහත්මිය විශිෂ්ට රංගනයකද නිරත වූවාය. එමෙනම් තමන්ගේම විලාසිතා ව්‍යාපාරයක් ආරම්භ කළ අතර ඇය ජාත්‍යන්තර මට්ටමේ නිළියක සේම නිරූපිකාවද වූවාය. මිය යන විට ඇය ඊයේ (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වන විට 67 වැනි වියේ පසු වූවාය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026