Skip to content
V
රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කිරීමට  බොහෝදුරට නොහැකි බව බන්ධනාගාර කොමසාරිස් පවසයි
featured news - උණුසුම් පුවත්

රනිල් වික්‍රමසිංහ අධිකරණයට ඉදිරිපත් කිරීමට බොහෝදුරට නොහැකි බව බන්ධනාගාර කොමසාරිස් පවසයි

By News Room · 26 August 2025

බන්ධනාගාර ගත වී දැනට ජාතික රෝහලේ වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද(26) දින බොහෝදුරටකොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරනවා .

මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකට පිළිතුරු දුන් බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය, නිපුණතා, කර්මාන්ත) ජගත් වීරසිංහ ප්‍රකාශ කළේ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත අද දින රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට බොහෝදුරට නොහැකි වනු ඇති බවයි.

ඒ මහතාට තවදුරටත්විවේකය අවශ්‍ය බව වෛද්‍යවරුන් නිර්දේශ කර ඇති නිසා ඒ තත්ත්වයන් සලකා බලා අද දින භෞතිකව වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමට නොහැකි වනු ඇති බව බන්ධනාගාර කොමසාරිස්වරයා සඳහන් කරනවා.

නමුත් සූම් තාක්ෂණය ඔස්සේ රනිල් වික්‍රමසිංහ මහතා අධිකරණය සමග සම්බන්ධ කළයුතු බව දැනුම් දීමක් සිදු වුවහොත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පහසුකම් සැපයීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු කරන බවද ජගත් වීරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026