Skip to content
V
රනිල්ට ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය
featured news - උණුසුම් පුවත්

රනිල්ට ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය

By News Room · 18 August 2024

එළැඹෙන ජනාධිපතිවරණයේදී ලංකා කම්කරු කොංග්‍රසයේ සහාය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට එම පක්ෂයේ ජාතික සභාව අද (18) තීරණය කළේය. කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මුලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවක් පවත්වමින් එම කොංග්‍රසයේ මහ ලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මේ බව අනාවරණය කළේය. මෙහිදී ජාතික සභාවේ සියලුම සාමාජිකයන් ඒකමතිකව රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තීරණය කර ඇත. ඒ අනුව ලංකා කම්කරු කොංග්‍රසය සහ රනිල් වික්‍රමසිංහ මහතා අතර ගිවිසුමක් ඉදිරියේදී අත්සන් කිරීමටද නියමිත බව ජීවන් තොණ්ඩමන් මහතා මෙහිදී පැවසීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026