Skip to content
V
රනිල්ගේ සහයට ගිය පොහොට්ටු මන්ත්‍රීන්ට පක්ෂයේ දොර වැහේ
featured news - උණුසුම් පුවත්

රනිල්ගේ සහයට ගිය පොහොට්ටු මන්ත්‍රීන්ට පක්ෂයේ දොර වැහේ

By News Room · 20 August 2024

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කිරීමට කටයුතු කළ කිසිවෙකුත් නැවත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක් කර නොගන්නා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුරයේදී පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මංගල ජන රැළියට එක්වෙමින්.

එම ජන රැළියට එක්වෙමින් එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ සඳහන් කළේ තම රජයක් තුළ මහින්ද චින්තනය මත පදනම් වූ කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බවයි.

ඉදිරි ජනාධිපතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන, ජන රැලි මාලාවේ මංගල රැළිය අනුරාධපුර කඩ පනහ ක්‍රීඩාංගනයේදී අද (21) පැවැත්වුණා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026