Skip to content
V
රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 29 දා
featured news - උණුසුම් පුවත්

රනිල්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය 29 දා

By News Room · 27 August 2024

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී බ්‍රහස්පතින්දා  (29) එළිදක්වයි.

"පුලුවන් ශ්‍රී ලංකා " යන දැක්ම මුල් කර ගනිමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කොට තිබේ.

රට බංකොලොත් භාවයෙන් මුදාගෙන ආර්ථික සමෘද්ධිය කරා ගෙන යෑමේ මූලික පියවර තැබීම සහ ක්‍රම ක්‍රමයෙන් රට දියුණු රාජ්‍යයක් කරා රැගෙන යෑමේ සැලසුම් "පුළුවන් ශ්‍රී ලංකා" ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් වලට යහපත් රටක් ගොඩනැගීම "පුළුවන් ශ්‍රී ලංකා" ප්‍රතිපත්ති ප්‍රකාශයේ මූලික අරමුණක් බව රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය.

ඉතිහාසයේ දැවැන්තම ආර්ථික අර්බුදයට මුහුණ දුන් ශ්‍රී ලංකාව ක්‍රම ක්‍රමයෙන් යථා තත්ත්වයට ගැනීමෙන් පසු තවත් ඉදිරිගාමී පියවරක් තැබීම වෙනුවෙන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අවධානය යොමු කර තිබෙන බවද රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026