Skip to content
V
රනිල් අධිකරණයට
featured news - උණුසුම් පුවත්

රනිල් අධිකරණයට

By News Room · 28 January 2026

පොදු දේපළ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ගොනුකර ඇති නඩුවට ඉදිරිපත් වීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරය දැරූ කාලසීමාව තුළ ඔහුගේ බිරිඳ වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ උපාධි ප්‍රධාන උත්සවයක් සඳහා සහභාගි වීමට ලන්ඩනයට යාමට රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනුකර තිබුණි.

ඒ අනුව ප්‍රකාශයක් ලබා දීම සඳහා පසුගිය වසරේ අගෝස්තු මස 22වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු මස 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණි.

හිටපු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ වෛද්‍ය වාර්තා සලකා බැලීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය හිටපු ජනාධිපතිවරයා රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප තුනක් යටතේ මුදාහැරීමට නියම කළේය.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026