Skip to content
V
රන් මිල නැවතත් ඉහළට
featured news - උණුසුම් පුවත්

රන් මිල නැවතත් ඉහළට

By News Room · 19 January 2026

දේශීය රන් භාණ්ඩවල මිල මේ සතියේ නැවතත් ඉහළ ගොස් ඇතැයි සමස්ත ලංකා ස්වර්ණාභරණ සංගමය පවසනවා.

ඒ අනුව එම සංගමයේ ලේකම් බාලසුබ්‍රමනියම් සදහන් කරන්නේ, කැරට් 22ක රන් පවුමක වළල්ලක් රුපියල් තුන්ලක්ෂ අසූ දහසක් පමණ වන බවයි. එය ගිය සතියේදී රුපියල් 360,000ක පමණ අළෙවි වූ බව ද හෙතෙම සඳහන් කළා. කැරට් 22ක රන් දම්වැලක් රුපියල් තුන් ලක්ෂ පනස් හත්දහසක් පමණ වන බවද ඔහු පැවසුවා.

කැරට් 22 පවුමක රන් මුදුවක් රුපියල් ලක්ෂ හතරක් පමණ වන අතර එය රුපියල් තුන් ලක්ෂ අසූ දහසක මුදලකට ගිය සතියේදී අළෙවි වුණා. කැරට් 22 පවුමක අත්පළදනාවක් රුපියල් තුන්ලක්ෂ හැටපන්දහසකට අළෙවි වූ අතර, එය ඉකුත් සතියේදී අළෙවි වූයේ රුපියල් තුන්ලක්ෂ හැට දහසකට බව ඔහු පැවසුවා.

මේ සතියේදී රන් පවුමක මිල රුපියල් 368,425 ක් පමණ වන අතර, කැරට් 22ක රන් පවුමක් රුපියල් 340,400 මුදලකටත් අළෙවි වන බව හෙතෙම සඳහන් කළා. කෙසේ වෙතත්, දේශීය රන් පවුමක මිල තවමත් ඒවායේ මුල් උපරිමයට ළඟා වී නොමැති බව ඔහු සඳහන් කළා.

ශ්‍රී ලංකාවේ ඉහළම මිල වාර්තා වූයේ ඉකුත් 2025 ජුනි මාසයේදී වන අතර එහිදී කැරට් 24 රන් පවුමක් රු.410,000 කට අලෙවි වුණා. බැංකු සුරක්ෂිතාගාරවල සහ උකස් මධ්‍යස්ථානවල කලින් තබාගෙන සිටි සමහර රත්‍රන් නැවත සංසරණය වීමට පටන් ගෙන ඇති බවත්, එමඟින් රන් ආනයනය සඳහා ඇති අවශ්‍යතාවය තරමක් අඩු වී ඇති බවත් බාලසුබ්‍රමනියම් පැවසුවා.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026