Skip to content
V
රන් භාණ්ඩ සමග පුද්ගලයෙක් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට
featured news - උණුසුම් පුවත්

රන් භාණ්ඩ සමග පුද්ගලයෙක් ගුවන්තොටුපලේ දී අත්අඩංගුවට

By News Room · 5 January 2025

නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ලද රන් භාණ්ඩ සමග සැකකරුවෙකු ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. අබුඩාබි සිට මෙරටට පැමිණි ගුවන් මගියෙකු පිළිබඳ බුද්ධි අංශ නිලධාරීන්ගෙන් ලද තොරතුරක් මත ගුවන්තොටුපොළ පොලීසිය විසින් ඊයේ (04) රාත්‍රීයේ එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී රන් මාල 04ක්, පෙන්ඩන්ට් 01ක්, අත් පලඳනා 02ක්, රන් වළලු 01ක් සහ රන් මුදුවක් පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු වෙලම්බොඩ ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026