Skip to content
V
රත්‍රං මිල ඉතිහාසයේ ඉහළම අගයට
featured news - උණුසුම් පුවත්

රත්‍රං මිල ඉතිහාසයේ ඉහළම අගයට

By News Room · 17 April 2025

මේ වන ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉතිහාසයේ ඉහළම අගයට පැමිණ තිබේ. 

ඒ අනුව අද (17) වන විට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල ඩොලර් 3,345 ක්වූ ඉතිහාසයේ ඉහළම මට්ටමට පැමිණ ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ, වටිනා ලෝහ විශ්ලේෂණය කිරීමේ කාර්යාංශයේ, සහකාර අධ්‍යක්ෂ ඉන්දික බණ්ඩාර මහතා පවසන්නේ, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශයට පත්කළ තීරුබදු ප්‍රකාශයත් සමග ගෝලීය වෙළෙඳපොළේ රන් මිල නව ඉහළම අගයකට පැමිණ ඇති බවයි.

ගෝලීය රන් මිල ඉහළ යෑමට බලපාන සාධක අතර අමෙරිකානු ඩොලරයේ වටිනාකම පහත වැටීම සහ ආරක්ෂිත විකල්පයක් ලෙස ආයෝජකයන් රන් මිලදී ගැනීමට යොමුවීම හා අමෙරිකාව සහ චීනය අතර ඉස්මතුවෙමින් පවතින වෙළෙඳ යුද්ධය ප්‍රධාන ස්ථානයක් ගෙන තිබෙන බව ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටී.

මේ අතර ගෝලීය රන් මිල ඉහළ යාමට සමගාමීව ශ්‍රී ලංකාවේ රත්‍රං මිල ද වාර්තාගත ලෙස අද වන විට ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකාවේ දෛනික රන් මිල පිළිබඳ විශ්වාසනීය තොරතුරු නිකුත් කරන GOLDCeylon Gold News Network සඳහන් කරන්නේ අද උදෑසන වන විට හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රු. 242,000ක් දක්වාත්, කැරට් 24 ක රන් පවුමක මිල රු. 262,000 ක් දක්වාත් ලෙසින් ඉතිහාසයේ ඉහළම මට්ටම්වලට පැමිණ ඇති බවය.

ඊයේ (16) දිනයේ දී ශ්‍රී ලංකා වෙළෙඳපොළේ කැරට් 22 රන් පවුමක මිල රුපියල් 238,300ක් හා කැරට් 24 රන් පවුමක මිල රුපියල් 259,000ක් ලෙසින් සටහන්ව තිබුණි.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026