Skip to content
V
රතු නිවේදන නිකුත් කර තිබූ තවත් දෙදෙනෙක් ඉන්දියාවේ සිට දිවයිනට
featured news - උණුසුම් පුවත්

රතු නිවේදන නිකුත් කර තිබූ තවත් දෙදෙනෙක් ඉන්දියාවේ සිට දිවයිනට

By News Room · 20 February 2025

වෙඩි තැබීම්, මනුෂ්‍ය ඝාතන, මුදල් වංචා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසියට අවශ්‍යව සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු අද (20) අලුයම ඉන්දියාවේ සිට දිවයිනට රැගෙන විත් තිබෙනවා.

එම සැකකරුවන් දෙදෙනා ඉන්දියාව වෙත පළාගොස් සිටි අතර, ඔවුන්ට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු නිවේදන නිකුත් කර තිබුණු බවත්, ඒ අනුව සැකකරුවන් දෙදෙනා එරට දී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

මොවුන් අතරින් එක් අයෙකු හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි රත්නායක වීරකෝන් අරෝෂන් මධුසංඛ නැමැති පුද්ගලයෙක් වන අතර, අනෙක් පුද්ගලයා මොරටුව ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි එරංග පුෂ්පකුමාර හෙට්ටිආරච්චි නැමැති අයෙක් බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.

Related articles

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යයේ කප් සිටුවීම සුබ නැකතින් සිදුවෙයි

13 August 2026
VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

VAT සහ සමාජ ආරක්ෂණ බදු ගෙවීමට අගෝස්තු 20 දක්වා කල්

13 August 2026
හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

හිටපු නියෝජ්‍ය මහලේකම් අල්ලස් කොමිසමට

13 August 2026
නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසම හමුවට

11 August 2026